Saturday, September 7, 2019

ඉරේෂා - පස්වන කොටස



ඉරේෂා - පස්වන කොටස



නාට්ටියෙන් පස්සේ ස්කොලේ ළමයි මට විහිලු කරා ගොඩක් මුලදී මට එක වදයක් වුනාට පස්සේ මට එක පුරුදුවුනා. මට ආයෙමත් කෙල්ලෙක් වගේ අදින්න ගොඩක් ආස හිතුනා කෙල්ලෙක් වගේ අදින්න විතරක් නෙවෙයි මට කෙල්ලෙක් වෙන්න ඕනි කියලා මගේ හිත මට කිවුවා.

 ඔහොම ටික දවසක් යනකොට මට මේ ආසාව ඉටුකරගන්න අවස්ථාවක් උදාවුණා අපේ අම්මා ස්කොලේ තිබුන රැස්වීමකට ගිය එකට කොහොමත් පැය 2ක් 3ක් යනවා. අම්මා රැස්වීමට ගියාම මම සාරී එකක් අදින්න හැදුවා. අපේ අම්මගේ ලස්සන සාරී එකක් අල්මාරියෙන් ගත්තා. නාට්ටිය පුහුණුවීම් කාලේ මහපු සාරී හැට්ටයයකුයි කලු පාට  යටසායයි bra එකයි wig එකයි ගත්තා ඔක්කොම අල්මාරියේ එකම තැනක අරන්තියලා තිබුන නිසා ලේසියෙන් ගන්න පුලුවන්වුනා. මම ආච්චිට කිවුවා ටිකක් නිදියන්න යනවා කියලා.මම කාමරේට ගිහින් දොර වහගත්තා. 

මුලින්ම මම අදන්හිටපු ඇදුම් ගලවලා යටසාය ඇදගත්තා පස්සේ bra එකක ඇදලා එකට beast form දාගත්තා පස්සේ  හැට්ටේ ඇන්දා. මට සාරී ඇදලා පුරුදුනිසා සාරී එක ලස්සනටම ඇදගත්තා. පොඩි makeup එකක් දාලා wig එක දාගත්තා.කන්දෙක විදපුනිසා කරාබු දාගන්නත පුළුවන් වුන්නා.අම්මගේ මාල වළලු ටිකකුත් අරගෙන දාගත්තා.පස්සේ කලු heel එක දාගත්තා. මම ඇදලා ඉවරවෙලා හැඩ බැලුවා මටම මම ගැන ආඩම්බරයක් අවා තනියම ලස්සනට සාරී එක ඇන්ද නිසා




මට photo ටිකක් ගන්න අසා හිතුනා එත් phone එක තිබුනේ සාලේ ගන්න යන්න බයහිතුනා ආච්චි ඉන්න නිසා. හැබැයි ආච්චි හිටියේ කුස්සියේ ඒකනිසා ගිහින් අරගෙන එන්න පුළුවන්. මම හෙමින් ගිහින් phone එක ගන්න ගියා. phone එක අරගෙන මම හෙමින්ම කාමරේට එන්න අවා. මට එකපාරටම සද්දයක් ආවා. මම හැරිලා බැලුවා. බලනකොට ආච්චි එනවා මම ඉක්මනින්ම කාමරේට යන්න හැදුවා. එත් ආච්චි මාව දැක්කා.

ආච්චි: ඔයා ඉක්මනින් අවද ?

ආච්චි හිතලා තියෙන්නේ අම්මා ඇවිත් කියලා. මට කරගන්න දෙයක් නැතිවුනා. මම කිවුවා අම්මා තාම අවේ නැ කියලා. එතකොටම ආච්චි මගේදිහා පුදුමෙන් බැලුවා.

ආච්චි: ඔයා මොකද මේ ගැනියෙකුට ඇදගෙන. අම්ම දන්නවද ඔයා සාරී අදිනවා කියලා ?

මම: නැ ආච්චි මේ ස්කොලේ නට්ටියකට පුරුදු වෙනවා.

 ආච්චි: හා හා

ආච්චි අමුතු හිනාවක් දාලා ගියා. ඊටපස්සේ මම සාලෙට වෙලා TV බැලුවා.TV එකේ ගියේ මනමාලියන්ට අන්දන වැඩසටහනක්. දන්නෙම නැතුව වෙලාව ගිහින් අම්මා ගෙදර ඇවිත් කතාකරා දොර අරින්න කියලා.

අම්මා: නවීන් මේ දොර අරින්න

දැන් මට කරගන්න දෙයක් නැ මට ඇදුම් මාරුකරගන්න වෙලාවක් නැ. ආච්චි එන්නෙත් දොර අරින්න. අම්මා ආයෙමත් සැරෙන් කිවුවා දොර අරින්න කියලා. වෙන කරන්න දෙයක් නැතිනිසා මම ගිහින් දොර ඇරියා. දැක්ක දෙයින් මගේ ඇග හිරිවටුනා.

අම්මා ඇවිත් තිබුනේ දිනුෂි එක්ක මම දොර අරිනකොටම දෙන්නටම මම පෙනුනා. මම එකපාරටම කාමරේට දිවුවා. දෙන්නම මගේ පස්සෙන් කාමරේට අවා.

අම්මා: මොකද මේ ඔයා කරන්නේ. දැන් නාට්ටිය නැනේ.

මම මුකුත් නොකියම හිටියා.

නාට්ටිය නිසා ඔයාට කෙල්ලෙක් වෙන්න ආසහිතිලා වගේ. හ්ම් දැන් කරන්න දෙයක් නැ එන්න කාමරේ අස්සට වෙලා ඉන්නේ නැතුව. මට පුදුම ලැජ්ජාවක් ඇතිවුනේ දිනුෂි හිටිය නිසා. එත් කරන්න දෙයක් නැ මම සාලෙට ඇවිත් වාඩිවුණා. මම සාරී  එක අතින් හදනගමන් කකුලක් පිට කකුලක් දාගෙන වාඩිවුණා. එක දැකපු දිනුශිට හිනා ගියා. ටිකක් වෙලා ඉදලා දිනුෂි යන්න ගියා. මම දිනුශිට කිවුවා මේ ගැන කාටවත් කියන්න එපා කියලා. එයා කිවුවා අම්මටනම් කියනවා කියලා.

අම්මා: මේ නවීන් ඔයා කෙල්ලෙක් වගේ ඇඳට කමක් හැබැයි පිට මිනිස්සුන්ට පෙන්න යන්න එපා. අදින එක්කක් කාමරේ ඉදන් කරගන්න. මම හිතුවේ නැ ඔයාට ඔහොම වෙයි කියලා. දැන් කමක් නැ මටත් දැන් දුවෙක් ඉන්නවනේ.

මම අම්මට තුරුල්වෙලා ගොඩක් වෙලා හිටියා. ආච්චිත් ඇවිත් අපි එක්ක කතාකරකර හිටියා.පස්සේ මම සාරී එක ගලවලා නාගෙන ඇවිත් අම්මගේ ගවුමක් ඇදගත්තා.

මම කිහිප දවසක්ම අම්මගේ ඇදුම් සාරී එහෙම ඇන්දා. මේ පුරුද්ද නිසා මගේ පිරිමි ගති ටික ටික අඩුවෙලා යනබව මට තේරුනා. O/L  විභාගේ තිබුන නිසා මම හොදට පාඩම් කරලා විභාගෙට මුහුණ දුන්නා. ඊට පස්සේ ගෙදර ඉන්නකොට අවස්ථාවක් ලැබුණාම මම කෙල්ලෙක් වගේ ඇන්දා. O/L  විභාගේන්  මම හොදට සමත් වුන්නා. මම පස්සේ ගියේ පිරිමි පාසලකට. අම්මා අදුනන මිස් හිටිය නිසා මට පාසලට හුරුවෙන්න අමරුවුනේ නැ. එත් මට පිරිමි යාලුවෝ හිටියේ එක්කෙනයි සමන් කියලා අයියා කෙනෙක්. මම ස්කෝලෙට අලුත් ළමයෙක් නිසාත් මගේ ගැණු ගති නිසාත් මට හොද යාලුවෝ ලැබුනේ නැ.


……………………………………………………………………….
හයවන කොටසින් නැවත හමුවෙමු.