Saturday, August 24, 2019

ඉරේෂා - හතරවන කොටස



ඉරේෂා - හතරවන කොටස



ඔන්න දවස් දෙකකට පස්සේ අපි ආයෙමත් සැලෝන් එකට ගියා මහපු ඇදුම් බලන්න. අඩුපාඩු තියෙනවනම් ඒවා හදාගන්නත් ඕනෙනේ. අපි salon එකට යනකොට සවස 5 වගේ වෙලා. මම ගොඩක් ආසාවෙන් හිටියේ ජීවිත් පලවෙනේ වතාවට සාරී එකක් අදින්න. කාංචනා අක්කා මහපු ඇදුම් අරන් අවා. කාංචනා අක්කා salon එකේ closed board  එක දාලා දොර වහලආවා.

කාංචනා: නවීන් අපි සාරී එක ඇදල බලමු. ඔයා මුලින් ගිහින් පොඩි wash එකක් දාගෙන එන්න. ඇවිත් අර room එකට ගිහින් ඔයාගේ ඇදුම් මාරුකරලා මේ යටසාය ඇදගෙන එන්න. අනිත් ඒවා අපි මෙතන ඉගෙන අදිමු. මම ඔයාට අන්දන්නම්කො කෙල්ලේ.

මම ගිහින් මුණ සෝදාගෙන ඇවිත් රෝසපාට යටසාය ඇදගෙන අවා. කාංචනා අක්කා රෝස පාට bra එකක් මට අන්දලා එක ඇතුලට silicon breast form දෙකක් දැම්මා. ඒවා හරියට ඇත්තම පියුරු වගේ. ඒවා දැම්මට පස්සේ ටිකක් බරට දැනෙනවා. ඊටපස්සේ සාරී හැට්ටේ ඇන්දුවා. සාරී එකක් අන්දලා ඉවරවෙලා පොඩි mekeup එකක් දාලා wig එකක් දැම්මා. මාල වළලු දාලා දිනුෂි ගෙනාව එයාගේ heel එකක් දැම්මා. කට්ටිය කිසිම සද්දයක් නැ. මට අන්දලා ඉවරවෙලා කාංචනා අක්කා කිවුවා. කන්නාඩිය ලගට ගිහින් බලලා එන්න කියලා. මම කන්නාඩියෙන් දැක්ක දසුන මට අදහගන්න බැරිවුනා. මම ඇත්තම කෙල්ලෙක් වගේ.

මේනකා මිස්: අනේ කෙල්ලගේ ලස්සන. මේ නයනි මෙයාව කෙල්ලෙක් උනානම් කොච්චර ලස්සනට ඉදිද.

අම්මා: හ්ම් එකනම් ඇත්ත අනේ

අම්මා මගේ ලගට ඇවිත් මගේ නළල ඉබලා මාව තුරුල්කරගත්තා. කාංචනා අක්කයි එයාගේ යාලුවෝ දෙන්නයි ගොඩක් සතුටින් හිටියේ මගේ ලස්සන දැකලා.

මේනකා මිස් එයාගේ phone එකෙන් මගේ photos ගත්තා. ඒවා අපේ අම්මටත් දුන්නා.


කාංචනා : ඇදුම් ටිකනම් ගානටම තියෙනවා. ඉරේෂා කලු jacket එකකත් පොඩ්ඩක් ඇදලා බලන්න.

කාංචනා අක්ක එහෙම කිවුවහම මට එකපාර තේරුනේ නැ ඉරේෂා කිවුවේ මට කියලා.

කාංචනා : මේ මේ නවීන් ඔයාට මමනම් යේ නවීන් කියන්නේ නැ. අපි කියන්නේ ඉරේෂා කියලා. නේද බන්?

කාංචනා අක්ක අනිත් අක්කල දිහා බලාගෙන කිවුවා එයාලත් එකට එකගවුනා.

මගේ සාරී එකක් ගලවල ඊටපස්සේ කලුපාට යටසායකුයි දම් පාට අනිත් හැට්ටියි අන්දලා බැලුවා. ඒවත් ගානටම තිබුන්නා. පස්සේ අපි ඇදුණුත් අරගෙන ගෙදර අවා.

අම්මා: මේ ඉරේෂා

මම: අනේ විහිළු කරන්න එපා

අම්මා: නැ නැ විහිළු නෙවෙයි ඔයා ඉතින් මේටිකේ ගනුලමයෙක් නෙ එකයි මම එහෙම කිවුවේ. මේ මම කියන්න හැදුවේ මගේ දම් පාට සාරී එකක් ඔය හෙට යනකොට අරන් යන්න දම් jacket එකයි මගේ සුදු යටසායකුයි අරන් යන්න. කළු යටසාය හරියන්නේ නැ. මම මගේ එකකක් වෙනස් කරලා දෙන්නම්.

මම: හා මේනකා මිස් හෙට සාරී එකක් අන්දන්නම් කිවුවා.

පහුවෙනිදා මම සාරී එකයි අනිත් ඇදුම් ටිකයි අරගෙන ගියා.

නාට්ටිය පුරුදුවෙන්න කලින් මිස් මම එක්ක ගිහින් මට සාරී එකක ඇන්දුවා. මම සාරී එකක ඇදගෙන පුටුවක වැඩිවෙලා හිටියා අනිත් අය එනකම්.

කට්ටිය ආවහම හැමෝම මගේ හැඩ බැලුවේ. ගොඩක් අය කිවුවේ ස්කොලේ ඉන්න අනිත් ගැනු ළමයින්ට වඩා මම ලස්සනයි කියලා. මට සාරී එක ඇදගෙන ඉන්න ටිකක් අමාරුවුනා. මොකද එක ඇදගෙන ඉන්නකොට පහසු නෑ. එත් ටිකක් දවස් පුරුදුවෙනකොට එකට හුරුවුනා.

එකදවසක් අම්මා මගේ කන්දෙක විද්දන් අවා. රිදුනට ආසාව නිසා එක දැනුනේ නෑ.

ඔන්න ඉතින් දන්නෙම නැතුව උත්සවේ දවස උදා වුනා. මම ගොඩක් උදේම අවදිවෙලා අම්මා එක්ක ස්කොලේ ගියා. අපේ නාට්ටිය තිබුනේ උදේ 10ට උත්සවේ පටන්ගන්නේ උදේ 9ට. මට අන්දලා අනිත් අය අන්දන්න ඕනි නිසා උදේ 8ට වෙනකොට මට අන්දන්න ඕනි කිවුවා. කාංචනා අක්කා මට අන්දන්න පටන්ගත්තා. අපේ අම්මයි දිනුෂියි අවා  උදවුකරන්න. පැයක් වගේ යනකොට මට අන්දලා ඉවරවුන. නාට්ටිය පටන්ගන්න තව පැයක් වගේ තිබුනා. අනිත් අයට අන්දනකම් මම අම්මා ලගින් වාඩිවෙලා හිටියා.

කාංචනා අක්කගේ සැලූන් එකේ ඇන්දට වඩා ලස්සනට අද සාරී එක අන්දලා තිබුනා. හොදට එළිය තියෙනනිසා මටත් හොදට මාව පේනවා.  මම වාඩිවෙලා ඉන්නකොට සරියට යටින් යටසාය පේනවා. ඒ විතරක් නෙවෙයි හැට්ටේ අතරින් bra එකේ පටි පේනවා. මේක දැන් හැමෝම දකී මට එකට ටිකක් ලැජ්ජයි වගේ. මම එක අම්මට කිවුවා. අම්මත් බැලුවා.

අම්මා: ඕනම කෙල්ලෙක් ඕවා අදින බව දන්නවනේ. ඔයාගේ යටසාය ටිකක් දිගයි එකයි වාඩි  වුනාම පොඩ්ඩක් පෙන්නේ. හැට්ටේ transparent නේ ටිකක් එකයි bra එක පෙන්නේ. ඕක එච්චර හිතන්න එපා දුවේ.
අද දවසෙම අම්මා මට දුවේ කියලයි කතා කරේ.මට එකට ගොඩක් සතුටුයි.


ඔන්න නාට්ටිය වෙලාවත් අවා. මම මගේ චරිතේ හොදටම කරා. මම හොදටම කරා කියලා දැනුනේ බලන් හිටපු අයගේ ප්‍රතිචාර නිසා. නාට්ටියත් ඉවරවෙලා මේනකා මිසුයි කාංචනා අක්කයි අම්මයි මමයි කතාකරකර හිටියා. හැමෝම කතාවවුනේ මම ගොඩක් හොදට නාට්ටිය කරා කියන එකයි මම ගොඩක් ලස්සනයි කියන එකයි. අපි කතාකරකර ඉන්න තැනට අපේ අම්මගේ යාලුවෙක් අවා. එය ගොඩක් කාලෙකින්  මුණගැහිලා තියෙන්නේ.

යෙහෙළිය: හානේ නයනි කොච්චර කාලෙකින්ද අපි හම්බවුනේ. ඔයානම් ඉස්සරවගේම ලස්සනට ඉන්නවා.

අම්මා: එකනේ අනේ ගොඩක් කාලෙකින්. කොහොමද ඔයාට. කුසුම් ඔයා මොකද මේ පැත්තේ.

කුසුම්: මම දැන් නැට්ටුම් ගුරු කෙනෙක්. මම උගන්නවන්නේ පිරිමි ස්කොලේ එකේ නාට්ටිය හා රංගකලාව බාර මම අපේ ළමයි ටික දෙනෙක් එක්ක අවා අද මම. මම දැක්කා ඔයා ඉන්නනවා ඔයාගේ දුවත් එක්ක. ඔයාට ඉන්නවනේ සුරංගනාවියක්. හොදටම කරා දුවේ ඔයා.

ඒ වෙලාවේ තමයි කුසුම් නැන්දා මාව හරියටම දැක්කේ. ඒ එක්කම කට්ටියම හිනා වුන.

අම්මා : මේ මගේ පුතා අනේ.

කුසුම්: අනේ මට එක පාරටම අදුනගන්න බැරිවුනා. මම හිතුවේ කෙල්ලෙක් කියලා. ඇයි මේක මිශ්‍ර පාසලක්නේ මම කොහොමද දන්නේ කොල්ලෙක් කියලා.

මේනකා මිස් : මේකේ හිටිය දුව ස්කොලෙන් අයින් වුනා. මේ පන්තියේ වෙන ළමයෙක් නැතිනිසා නවීන් පුතා දුවෙක් කරේ.

කුසුම්: ආ අපේ ස්කොලෙත් මෙහෙම් වැඩ කරනවා අපිටනම් කෙල්ලෝ නැනේ. පුතා ඔයා අපේ ස්කොලේ හිටියනම් ඔයාට හැමදාම ගැණු ළමයිගේ චරිත තමයි කරන්න වෙන්නේ. ඔයා ගොඩක් දක්ෂයි පුතේ. A / L  කරන්න අපේ එකට එන්න ඔයාට ගොඩක් හොදවෙයි.

 කට්ටියම ටික වෙලා කතාකරකර ඉදලා ගියා. මම ඇදුම් මාරුකරගන්න ගියා. මට ගොඩක් දුක හිතුනා අද ඉදලා ගැණු ළමයෙක් වගේ අදින්න වෙන්නේ නැතිනිසා. අපි ගෙදර අවා. අම්මා මගේ ලස්සන photos ගොඩක් අරගෙන තිබුනා. අපි රැට කාලා ඉක්මනින් නින්දට ගියා. මට එදා සතුට වගේම අයෙ නාට්ටිය නැති නිසා දුකක් තිබුනා.
……………………………………………………………………….
පස්වන කොටසින් නැවත හමුවෙමු.

Thursday, August 22, 2019

Cross dressing tips (part 1)


Friday, August 16, 2019






Chat with Sri Lankan Teen Cross Dresser - Zeiki Aliya


1. ඔබගේ නම ?


    Zeiki aliya

2. යුවතියක් ලෙස සැරසීමට මුලින්ම ඔබට හැගීමක් ඇතිවුන දවස 

    මට අවුරුදු 16දී තමයි හැගීම මුලින්ම ඇතිවුනේ 

3. පළමු වතාවට යුවතියක් ලෙස සැරසීමට අවස්ථාව උදාවනවිට ඔබගේ වයස සහ එම අවස්ථාවේ ඔබට ඇතිවුන හැගීම 

   මට වයස 18දී තමයි මගේ ආසාව ඉටුකරගන්න පුළුවන් වුනේ. වෙලාවේදී මට ලොකු සතුටක් දැනුනා.         එකියන්න් මගේ ජීවිතේ සතුටුම දවස.

4. පළමු අවස්ථාවේ  අදිනලද කාන්තා අදුම් 

   Normal T shirt තමයි මම මුලින්ම ඇන්දේ. මම තනියම ගිහින් අරගත්තා. පස්සේ ගෙදර කවුරුත්            නැතිවෙලවට ඒවා ඇන්දා. දැන්නම් මම ඒවා class යද්දිත් අදිනවා.

5. ඔබ වඩාත් ප්රියකරන කාන්තා ඇදුම 

   ගවුම

6. ඔබ අනුකරණය කිරීමට වඩාත්ම ප්රියකරන කාන්තා චරිතය 

   මම ඇත්තටම් කවුරුත් අනුකරණය කරන්නේ නැ.

7. යුවතියක් ලෙස සැරසුණු මොහොතක ඔබට දැනෙන හැගීම 

   එක වචනවලින් කියන්න බෑ. ලොකු සතුටක් දැනේන්නේ.

8. යුවතියක් ලෙස සැරසී නිවසින් බාහිර ස්ථානයකට ගිය අවස්ථා. එම අවස්ථාවේ ඔබට දැනුනු හැගීම 

   ටිකක් ලජ්ජා හිතුනා එත් සතුටුයි.

9. හරස් විලාසිතා කිරීමට ඔබට උදව් කරන අය 

   මගේ යාලුවෝ තමයි මට උදවු කරන්නේ.

10. හරස් විලාසිතා කිරීමට ඔබට ඇති මුලික ගැටලු

   මම හිතන්නෙ නැ මට එහෙම ගැටලුවක් තියෙනවා කියලා.

11. හරස් විලාසිතා කිරීම ගැන ඔබගේ අදහස

   Cross dressing කරන අය බයනතුව එක කරන්න ලජ්ජා වෙන්න එපා.

12. හරස් විලාසිතාකරුවන්ට ලංකාවේ ඇති සමාජ පිළිගැනීම

   මම හිතන්නෙ එහෙම පිළිගැනීමක් නැ එත් අපි පිළිගැනීම හදාගන්න ඕනි.

13. ඔබගේ අනාගත බලාපොරොත්තු

   හොද Beautician කෙනෙක් වෙන්න ඒවගේම modeling වලිනුත් ඉස්සරහට යන්න.

14. ඔබට මොනවද කියන්න තියෙන්නේ.

   Cross dressing කරන අය දිගටම කරන්න නවත්තන්න එපා.










Sunday, August 11, 2019

ඉරේෂා - තෙවන කොටස



ඉරේෂා - තෙවන කොටස

ඔන්න කතාවෙන් කතාවෙන් අපි අපේ ගෙදරටම අවා. අපි එනකම් අපේ අම්මා  පාරබලගෙන හිටියේ.

අම්මා : එන්න එන්න මේනකා. මම මේ ඔයාල එනකම් බලන්හිටියේ. කට්ටියටම මහන්සිපාටයි මම තේ ටිකක් හදාගෙනම එන්නම්කෝ ඔයාලා වාඩිවෙන්න.

අම්මා තේ කුස්සියට ගිය අතරේ මම ඇදුම් මාරුකරගෙන මුනසෝදල අවා. මම එනකොටත් කට්ටිය හිනවෙව් කතාව.

මේනකා මිස්: එන්න එන්න අපේ නිළිය. අපි හිතුවට වඩා හොදට ලස්සනට හිටියනේ අපේ නිළිය. ඔය ගොඩක් වාසනාවන්තයි මේ වගේ ලස්සන දුවෙක් ලබන්න.

මම: අනේ මිස් මම කිවුවනේ මට විහිලු කරන්න එපා කියලා මම එන්නේ නැ හොදද?

මේනකා මිස්: අනේ අනේ නෑවිත්ම ඉදි දැන් අපි විහිලුකරා කියල. මෙයාම ගැණු චරිත ඉල්ලගෙන දැන් අපිට සද්දේ දානවා. අපි ඕවාට බයන් නැ ඉරේෂා.

අම්මා: ඉරේෂා ? කවුද මේනකා?

මේනකා මිස්: ඒතමයි ඔයාගේ දුව රගපාන චරිතේ නම. ඉරේෂා මිස්.

අම්මා: එහෙමද මට එහෙම විස්තර කිවුවේ නැනේ. කොහොමද මේනකා අපේ පුතා හොදට රගපැවද ? අපි මහන්සිවෙලා පුරුදු කරමු.

මේනකා මිස්: ඔව් ඔව් අනේ මම හිතුවට වඩා හොදට කරා. එකනේවෙයි මෙය ලස්සනට ඉදි අනේ සාරී එකට අද mekeup නැතුවත් ලස්සනට හිටියා.

දිනුෂි: ඔව් aunty නවීන් ගොඩක් ලස්සනයි.

මේනකා මිස්: මේ නවීන්ට නට්ටියට අදින්න සාරී එකක් හදාගන්න ඕනි. සාරී හැට්ටයකුයි යටසායකුයි මහගන්න වෙනවා. මාල වළලු අපේ ඒවා ටිකක් දාන්න පුළුවන් කරාබු දෙකක් ගන්න වෙනවා clip type ඒවා. නැත්නම් කන්විදල අපේ ඒවා දාමු විදපු එක ටිකදවසකින් මැකිලයනවනේ. කලු පාට පොඩි හීල් එකකුත්  ඔන එක අපේ දුගේ එකක් හරියයි. උත්සවේ දවසට මෙයාව අන්දන්න අපේ නංගිට එන්නකියන්න කියල මම හිතුවේ.

මිස්ගේ විස්තරේ අහන ඉදල මට පිස්සු වගේ ලොකු ආසාවක් ඇතිවුනේ.

අම්මා : මේනකා මොනවගේ සාරී එකක්ද අපි තෝරගන්නේ.

මේනකා මිස්: මට හිතෙන්නේ තනිපට සාරී එකක් හරියයි.

අම්මා : හ්ම් එහෙනම් අපි රෝස පාට හරි ලා කොළ පාට වගේ එකක් ගමු නේද. එක මම ගන්නම්. පස්සේ මට හරි අදින්න පුළුවන්නේ.

මේනකා මිස්: හා එහෙනම් ඔයා එකක් ගන්නවද.

අම්මා : සාරී හැට්ටෙයි යටසයයි මහන්නේ කොහොමද?

මේනකා මිස්: අපේ නංගි salon එකක් කරනවනේ එයාටම කියල මහගන්න පුළුවන්. අපි හෙටම යමු මහන්න දෙන්න. ඔයාට පුලුවනිනේ හෙට ගිහින් සාරී එකක් ගන්න. මේ නයනි එකක්ම නවීන්ට හරියන padded bra දෙකක් ගන්නවද.

අම්මා : ඔව් මම කොහොමත් ගන්න හිටියේ හෙටම යන්නම්. මේ නවීන් පුතේ අපි කන් දෙක විදිමුද එතකොට මගේ කරාබු දෙකක්ම දාන්න පුලුවන්.

මම: අනේ අම්මේ රිදෙනවනේ අනෙක මට ලැජ්ජයි.

මේනකා මිස්: ලජ්ජා වෙන්නේ මොකටද. අනෙක නවීන් ඔයා හොදට මේ චරිතේ කලොත් ඔයාට තව ඔයවගේ ගැණු චරිත කරන්න පුළුවන්.

මම: බලමුකෝ.

මේනකා මිස්: මේ නයනි නාට්ටිය පුරුදුවෙන අන්තිම දවස් ටිකේ මෙයට සාරී එකක් අන්දලම පුරුදු කරන්න බැලුවේ නැත්නම් එකපාරම සාරී ඇන්දම පුරුදු නැනේ.

අම්මා: එකනම් හොදයි මමත් කියන්න හිටියේ. එකට එහෙනම් මගේ පරණ සාරී එකක් දෙන්නම්.එකට හැට්ටයක් මහගමු නේද?

මේනකා මිස්: නයනි අපි දැන් යන්න ඕනි ඔයා හෙට සාරී එකයි එකට හරියන හැට්ට රෙදි යටසයට රෙදි ගන්න.ඔය ටිකත් අරන් 4 වගේ ස්කොලේ ලගට එනවද අපි කට්ටියම අපේ නංගිගේ සැලෝන් එකට ගිහින් මහන්න දීල එමු.

අම්මා: හා මේනකා මම ඔයාට call එකක් දෙන්නම්කො ස්කොලේ ලගට ඇවිත්.

මේනකා මිසුයි දිනුෂි යන්න ගියා. එදා රෑ ගොඩක් වෙලා මම මගේ අලුත් අත්දැකීම් ගැන කල්පනකරකර නින්දට ගියා.

උදේම මම නැගිටලා වෙනදට වඩා උනන්දුවෙන් ස්කොලේ ගියා. සුපුරුදු පරිදි හවස අපි පුහුණුවීම් කරා. මිස් මට අද ගොඩක් දේවල් කියලා දුන්නා කොහොමද ගැනු ළමයෙක් වාඩිවෙන විදියට ඇවිදින විදිය සහ අනිත් අංග චලනයන්. අද මගේ ඇදුම් මහන්න දෙන්න යන්න ඔනිනිසා කලින් පුහුණුවීම් අවසන් කරා. අපේ අම්මගෙන් මේනකා මිස්ට call එකක් අවා අම්මා ස්කොලේ ලගට අවා කියලා.

මේනකා මිස්: නවීන් මතක්කරලා ඔයාගේ ගවුමයි අනිත් ඇදුම් ටිකයි ගන්න. අපි යමු අම්ම ඇවිත් ඉන්නේ.

අද මිස් එයාලගේ car එකේ ඇවිත් තිබුනේ. අපි හතරදෙනාම මේනකා මිස්ගේ නංගිගේ salon (Salon Kanchana) එකට ගියා.

අපි salon එක ඇතුලටගියා අපි යනකොට හිටියේ මේනකා මිස්ගේ නංගි තව එතන වැඩ කරන ගැනුලමයි දෙන්නයි විතරයි. මිස්ගේ නංගිගේ නම කාංචනා එයා ගොඩක් ලස්සන කෙනෙක්.

කාංචනා: එන්න එන්න ඔයාලා හොද වෙලාවට ආවේ දැන් තමයි වැඩ ඉවරකරේ අපි.

මේනකා මිස් අම්මයි මමයි කාංචනා අක්කට අදුන්නලදුන්නා. නාලකටත් ඇදුම් මහලාතියෙන්නේ කාංචනා අක්කා. මේනකා මිස් ඇදුම් මහන එක ගැන විස්තරයක් කාංචනා අක්කට කිවුවා. අම්මා ගෙනාපු සාරී එකයි අනිත් රෙදි ටිකයි කාංචනා අක්කට දුන්නා. සාරී එකයි හැට්ට රෙදි ගොඩක්ම ලස්සනයි.යට සායට තිබුනේ රෝස පාටම සිල්ක් රෙද්දක්.

කාංචනා: සාරී එක ගොඩක් ලස්සනයි නවීන්ගේ skin එකත් එක්ක හොදට match වෙනවා. නවීන් අපි measurement ගමු එත් ඔහොම ඉගෙන ගන්න බැ. ඔයා ගවුමක් ගෙනාවද ?

මම: ඔව් අක්කේ ස්කොලේ අදින ගවුමක් තියෙනවා.

කාංචනා: හරි එහෙනම් අර room එකට ගිහින් ඇදුම් මාරු කරන එන්න. මේ ඔයා සාරී එකට අදින bra එක අදින්න නැත්නම් jacket එක හරියට තියෙන එකක් නැ .

මම අම්මගෙන් අලුත් padded bra එකකුත් ඉල්ලගෙන ඇදුම් මාරුකරගෙන එන්න ගියා. bra එක ගොඩක්ම ලස්සනයි රෝස පාට එකක්. මම ඉක්මනින් ඇදුම් මාරු කරගෙන අවා. අපේ අම්මා පලවෙනි සැරේට තමයි මම කෙල්ලෙක් වගේ ඉන්නවා දැක්කේ. ඒයා ගොඩක් උනන්දුවෙන් සහ සතුටින් මම දිහා බලාගෙන හිටියා.

අම්මා: ෂා ඔයා ගොඩක් ලස්සනයිනේ පුතේ.

අම්මා එහෙම කියනගමන් මාව තුරුල් කරගත්තා. කාංචනා අක්කයි අනිත් අක්කලා දෙන්නයි මගේ ලස්සන ගැන කතාවුනා.

කාංචනා: නවීන් මම එදාට ඔයා ගොඩක් ලස්සන කරලගන්නම්කො අම්මට ඔයා දුවෙක් කරලා හැමදාම තියාගන්න හිතෙන විදියට.

කාංචනා අක්කා measurement ගත්තා. දවස් දෙකකින් එන්න කිවුවා මහලා තියන්නම් කියලා. මම ඇදුම් මාරුකරන්න යන්නහදනකොට මේනකා මිස් කිවුවා ගවුම ඇදන් යමු car එකේ යන නිසා කාටවත් පෙන්නේ නැ කියලා.

මම:  හපෝ බැ මිස්

අම්මා : ලජ්ජා නොවී යමු පුතේ පොඩි දුරක්නේ තියෙන්නේ.

මමත් අසාවෙන් හිටිය නිසා ගවුම ඇදගෙනම ගෙදර යන්න පිටත් උනා. ටික දුරක් අවට පස්සේ මතක්වුනේ ගෙදර ආච්චි ඉන්නවනේ කියලා.

මම: අම්මේ මේ ගෙදර ආච්චි ඉන්නවනේ එයා දකිනේ දැන්.

අම්මා: ඉතින් මොකද අනේ අපි කියමු විස්තරේ.

මම හිත හදාගත්තා ආච්චි දැක්කට කමක් නැ කියලා. අපේ ගේ ලගටම මිස් අපිව ගෙනත් බැස්සුවා. ගේට්ටුවෙන් ඇතුල්වෙලා මම ඉක්මනිනම් ගේ ඇතුලට යන්න අවේ. වෙනකොටත් ආච්චි පරාබලගෙන ඉන්නවා. මම අම්මට මුවාවෙලා ගේ ඇතුලට යන්න බැලුවේ. ආච්චි පුදුමෙන් වගේ බලන් ඉන්නවා.

ආච්චි: කෝ පුතා අවේ නැද්ද?

අම්මා හිනාවුන

අම්මා: මේ ඉන්නේ

අම්මා මාව පෙන්නුවා.

ආච්චි: මේ මොකද මේ කොල්ලට ගවුම් අන්දලා. මම හිතුවේ කෙල්ලෙක් කියලා.

අම්මා: නැ අම්මේ මෙයා ස්කොලේ නාට්ටියකට ඉන්නවා. එකට අද ඇදුම් මහන්න දෙන්න ගියා.

ආච්චි මගේ ලගට ඇවිත් හොදට බැලුවා.

ආච්චි: අනේ මන්දන්නේ නැ කොල්ලාට ඕවා කරලා කෙල්ලෙක් වෙන්න ආසහිතුනොත් අපි දන්නේ නැ.

මම ටිකක් වෙලා ගවුම ඇදගෙනම හිටියා. පස්සේ අම්මා ඇවිත් කිවුවා ඇදුම් මාරුකරගන්න කියලා.

මම: අම්මේ මම තව ටිකක් මේක ඇදන් ඉන්නද?

අම්මා: එපා පුතේ දැන් ඕක ගලවලා ඇග සෝදන් එන්න්න. ආසනම් මගේ ගවුමක් දෙන්නම් එක ඇදගෙන ඉන්න එත් ආච්චිට පෙන්න යන්න එපා හොදද.

මම ඉකමනින් ගිහින් ඇග සෝදාගෙන අවා. මම කාමරේට එනකොට අම්මා එයාගේ ලස්සන ගවුමකුයි සුදු යටසායකුයි bra එකකුයි තියලා තිබුනා.



මම ගවුමත් ඇදගෙන කාමරේට වෙලා හිටියා. අම්මා කෑම එකත් බෙදලා කමරෙටම ගෙනත් දුන්නා. කාලා ඉවරවෙලා කුස්සියට යන්න හැදුවේ පිගන තියන්න හොදට බැලුවා ආච්චි ඉන්නවද කියලා. ආච්චි නිදාගන්න ගිහින් වගේ මම කුස්සියට ගිහින් පිගාන සෝදලා වතුරත් බිලා අපහු කාමරේට අතුල්වෙනවත් එක්කම මම දැක්කා ආච්චි එනවා එයා මාව යන්තම් දැක්කා. එක්කම අම්මත් කුස්සියේ ඉදලා අවා.

ආච්චි: කවුද ගැනු කෙනෙක් ඔයාලගේ කාමරේ පැත්තට ගිය වගේ දැක්කා.

අම්මා මුකුත් නොකිය කාමරේට අවා.

අම්මා: මම කිවුවනේ ඔයාට පෙන්න යන්න එපා කියලා.

මම ගවුම ඇදගෙනම නිදාගත්තා.

……………………………………………………………………….
හතරවන කොටසින් නැවත හමුවෙමු.