Saturday, August 24, 2019

ඉරේෂා - හතරවන කොටස



ඉරේෂා - හතරවන කොටස



ඔන්න දවස් දෙකකට පස්සේ අපි ආයෙමත් සැලෝන් එකට ගියා මහපු ඇදුම් බලන්න. අඩුපාඩු තියෙනවනම් ඒවා හදාගන්නත් ඕනෙනේ. අපි salon එකට යනකොට සවස 5 වගේ වෙලා. මම ගොඩක් ආසාවෙන් හිටියේ ජීවිත් පලවෙනේ වතාවට සාරී එකක් අදින්න. කාංචනා අක්කා මහපු ඇදුම් අරන් අවා. කාංචනා අක්කා salon එකේ closed board  එක දාලා දොර වහලආවා.

කාංචනා: නවීන් අපි සාරී එක ඇදල බලමු. ඔයා මුලින් ගිහින් පොඩි wash එකක් දාගෙන එන්න. ඇවිත් අර room එකට ගිහින් ඔයාගේ ඇදුම් මාරුකරලා මේ යටසාය ඇදගෙන එන්න. අනිත් ඒවා අපි මෙතන ඉගෙන අදිමු. මම ඔයාට අන්දන්නම්කො කෙල්ලේ.

මම ගිහින් මුණ සෝදාගෙන ඇවිත් රෝසපාට යටසාය ඇදගෙන අවා. කාංචනා අක්කා රෝස පාට bra එකක් මට අන්දලා එක ඇතුලට silicon breast form දෙකක් දැම්මා. ඒවා හරියට ඇත්තම පියුරු වගේ. ඒවා දැම්මට පස්සේ ටිකක් බරට දැනෙනවා. ඊටපස්සේ සාරී හැට්ටේ ඇන්දුවා. සාරී එකක් අන්දලා ඉවරවෙලා පොඩි mekeup එකක් දාලා wig එකක් දැම්මා. මාල වළලු දාලා දිනුෂි ගෙනාව එයාගේ heel එකක් දැම්මා. කට්ටිය කිසිම සද්දයක් නැ. මට අන්දලා ඉවරවෙලා කාංචනා අක්කා කිවුවා. කන්නාඩිය ලගට ගිහින් බලලා එන්න කියලා. මම කන්නාඩියෙන් දැක්ක දසුන මට අදහගන්න බැරිවුනා. මම ඇත්තම කෙල්ලෙක් වගේ.

මේනකා මිස්: අනේ කෙල්ලගේ ලස්සන. මේ නයනි මෙයාව කෙල්ලෙක් උනානම් කොච්චර ලස්සනට ඉදිද.

අම්මා: හ්ම් එකනම් ඇත්ත අනේ

අම්මා මගේ ලගට ඇවිත් මගේ නළල ඉබලා මාව තුරුල්කරගත්තා. කාංචනා අක්කයි එයාගේ යාලුවෝ දෙන්නයි ගොඩක් සතුටින් හිටියේ මගේ ලස්සන දැකලා.

මේනකා මිස් එයාගේ phone එකෙන් මගේ photos ගත්තා. ඒවා අපේ අම්මටත් දුන්නා.


කාංචනා : ඇදුම් ටිකනම් ගානටම තියෙනවා. ඉරේෂා කලු jacket එකකත් පොඩ්ඩක් ඇදලා බලන්න.

කාංචනා අක්ක එහෙම කිවුවහම මට එකපාර තේරුනේ නැ ඉරේෂා කිවුවේ මට කියලා.

කාංචනා : මේ මේ නවීන් ඔයාට මමනම් යේ නවීන් කියන්නේ නැ. අපි කියන්නේ ඉරේෂා කියලා. නේද බන්?

කාංචනා අක්ක අනිත් අක්කල දිහා බලාගෙන කිවුවා එයාලත් එකට එකගවුනා.

මගේ සාරී එකක් ගලවල ඊටපස්සේ කලුපාට යටසායකුයි දම් පාට අනිත් හැට්ටියි අන්දලා බැලුවා. ඒවත් ගානටම තිබුන්නා. පස්සේ අපි ඇදුණුත් අරගෙන ගෙදර අවා.

අම්මා: මේ ඉරේෂා

මම: අනේ විහිළු කරන්න එපා

අම්මා: නැ නැ විහිළු නෙවෙයි ඔයා ඉතින් මේටිකේ ගනුලමයෙක් නෙ එකයි මම එහෙම කිවුවේ. මේ මම කියන්න හැදුවේ මගේ දම් පාට සාරී එකක් ඔය හෙට යනකොට අරන් යන්න දම් jacket එකයි මගේ සුදු යටසායකුයි අරන් යන්න. කළු යටසාය හරියන්නේ නැ. මම මගේ එකකක් වෙනස් කරලා දෙන්නම්.

මම: හා මේනකා මිස් හෙට සාරී එකක් අන්දන්නම් කිවුවා.

පහුවෙනිදා මම සාරී එකයි අනිත් ඇදුම් ටිකයි අරගෙන ගියා.

නාට්ටිය පුරුදුවෙන්න කලින් මිස් මම එක්ක ගිහින් මට සාරී එකක ඇන්දුවා. මම සාරී එකක ඇදගෙන පුටුවක වැඩිවෙලා හිටියා අනිත් අය එනකම්.

කට්ටිය ආවහම හැමෝම මගේ හැඩ බැලුවේ. ගොඩක් අය කිවුවේ ස්කොලේ ඉන්න අනිත් ගැනු ළමයින්ට වඩා මම ලස්සනයි කියලා. මට සාරී එක ඇදගෙන ඉන්න ටිකක් අමාරුවුනා. මොකද එක ඇදගෙන ඉන්නකොට පහසු නෑ. එත් ටිකක් දවස් පුරුදුවෙනකොට එකට හුරුවුනා.

එකදවසක් අම්මා මගේ කන්දෙක විද්දන් අවා. රිදුනට ආසාව නිසා එක දැනුනේ නෑ.

ඔන්න ඉතින් දන්නෙම නැතුව උත්සවේ දවස උදා වුනා. මම ගොඩක් උදේම අවදිවෙලා අම්මා එක්ක ස්කොලේ ගියා. අපේ නාට්ටිය තිබුනේ උදේ 10ට උත්සවේ පටන්ගන්නේ උදේ 9ට. මට අන්දලා අනිත් අය අන්දන්න ඕනි නිසා උදේ 8ට වෙනකොට මට අන්දන්න ඕනි කිවුවා. කාංචනා අක්කා මට අන්දන්න පටන්ගත්තා. අපේ අම්මයි දිනුෂියි අවා  උදවුකරන්න. පැයක් වගේ යනකොට මට අන්දලා ඉවරවුන. නාට්ටිය පටන්ගන්න තව පැයක් වගේ තිබුනා. අනිත් අයට අන්දනකම් මම අම්මා ලගින් වාඩිවෙලා හිටියා.

කාංචනා අක්කගේ සැලූන් එකේ ඇන්දට වඩා ලස්සනට අද සාරී එක අන්දලා තිබුනා. හොදට එළිය තියෙනනිසා මටත් හොදට මාව පේනවා.  මම වාඩිවෙලා ඉන්නකොට සරියට යටින් යටසාය පේනවා. ඒ විතරක් නෙවෙයි හැට්ටේ අතරින් bra එකේ පටි පේනවා. මේක දැන් හැමෝම දකී මට එකට ටිකක් ලැජ්ජයි වගේ. මම එක අම්මට කිවුවා. අම්මත් බැලුවා.

අම්මා: ඕනම කෙල්ලෙක් ඕවා අදින බව දන්නවනේ. ඔයාගේ යටසාය ටිකක් දිගයි එකයි වාඩි  වුනාම පොඩ්ඩක් පෙන්නේ. හැට්ටේ transparent නේ ටිකක් එකයි bra එක පෙන්නේ. ඕක එච්චර හිතන්න එපා දුවේ.
අද දවසෙම අම්මා මට දුවේ කියලයි කතා කරේ.මට එකට ගොඩක් සතුටුයි.


ඔන්න නාට්ටිය වෙලාවත් අවා. මම මගේ චරිතේ හොදටම කරා. මම හොදටම කරා කියලා දැනුනේ බලන් හිටපු අයගේ ප්‍රතිචාර නිසා. නාට්ටියත් ඉවරවෙලා මේනකා මිසුයි කාංචනා අක්කයි අම්මයි මමයි කතාකරකර හිටියා. හැමෝම කතාවවුනේ මම ගොඩක් හොදට නාට්ටිය කරා කියන එකයි මම ගොඩක් ලස්සනයි කියන එකයි. අපි කතාකරකර ඉන්න තැනට අපේ අම්මගේ යාලුවෙක් අවා. එය ගොඩක් කාලෙකින්  මුණගැහිලා තියෙන්නේ.

යෙහෙළිය: හානේ නයනි කොච්චර කාලෙකින්ද අපි හම්බවුනේ. ඔයානම් ඉස්සරවගේම ලස්සනට ඉන්නවා.

අම්මා: එකනේ අනේ ගොඩක් කාලෙකින්. කොහොමද ඔයාට. කුසුම් ඔයා මොකද මේ පැත්තේ.

කුසුම්: මම දැන් නැට්ටුම් ගුරු කෙනෙක්. මම උගන්නවන්නේ පිරිමි ස්කොලේ එකේ නාට්ටිය හා රංගකලාව බාර මම අපේ ළමයි ටික දෙනෙක් එක්ක අවා අද මම. මම දැක්කා ඔයා ඉන්නනවා ඔයාගේ දුවත් එක්ක. ඔයාට ඉන්නවනේ සුරංගනාවියක්. හොදටම කරා දුවේ ඔයා.

ඒ වෙලාවේ තමයි කුසුම් නැන්දා මාව හරියටම දැක්කේ. ඒ එක්කම කට්ටියම හිනා වුන.

අම්මා : මේ මගේ පුතා අනේ.

කුසුම්: අනේ මට එක පාරටම අදුනගන්න බැරිවුනා. මම හිතුවේ කෙල්ලෙක් කියලා. ඇයි මේක මිශ්‍ර පාසලක්නේ මම කොහොමද දන්නේ කොල්ලෙක් කියලා.

මේනකා මිස් : මේකේ හිටිය දුව ස්කොලෙන් අයින් වුනා. මේ පන්තියේ වෙන ළමයෙක් නැතිනිසා නවීන් පුතා දුවෙක් කරේ.

කුසුම්: ආ අපේ ස්කොලෙත් මෙහෙම් වැඩ කරනවා අපිටනම් කෙල්ලෝ නැනේ. පුතා ඔයා අපේ ස්කොලේ හිටියනම් ඔයාට හැමදාම ගැණු ළමයිගේ චරිත තමයි කරන්න වෙන්නේ. ඔයා ගොඩක් දක්ෂයි පුතේ. A / L  කරන්න අපේ එකට එන්න ඔයාට ගොඩක් හොදවෙයි.

 කට්ටියම ටික වෙලා කතාකරකර ඉදලා ගියා. මම ඇදුම් මාරුකරගන්න ගියා. මට ගොඩක් දුක හිතුනා අද ඉදලා ගැණු ළමයෙක් වගේ අදින්න වෙන්නේ නැතිනිසා. අපි ගෙදර අවා. අම්මා මගේ ලස්සන photos ගොඩක් අරගෙන තිබුනා. අපි රැට කාලා ඉක්මනින් නින්දට ගියා. මට එදා සතුට වගේම අයෙ නාට්ටිය නැති නිසා දුකක් තිබුනා.
……………………………………………………………………….
පස්වන කොටසින් නැවත හමුවෙමු.

No comments:

Post a Comment