Sunday, August 11, 2019

ඉරේෂා - තෙවන කොටස



ඉරේෂා - තෙවන කොටස

ඔන්න කතාවෙන් කතාවෙන් අපි අපේ ගෙදරටම අවා. අපි එනකම් අපේ අම්මා  පාරබලගෙන හිටියේ.

අම්මා : එන්න එන්න මේනකා. මම මේ ඔයාල එනකම් බලන්හිටියේ. කට්ටියටම මහන්සිපාටයි මම තේ ටිකක් හදාගෙනම එන්නම්කෝ ඔයාලා වාඩිවෙන්න.

අම්මා තේ කුස්සියට ගිය අතරේ මම ඇදුම් මාරුකරගෙන මුනසෝදල අවා. මම එනකොටත් කට්ටිය හිනවෙව් කතාව.

මේනකා මිස්: එන්න එන්න අපේ නිළිය. අපි හිතුවට වඩා හොදට ලස්සනට හිටියනේ අපේ නිළිය. ඔය ගොඩක් වාසනාවන්තයි මේ වගේ ලස්සන දුවෙක් ලබන්න.

මම: අනේ මිස් මම කිවුවනේ මට විහිලු කරන්න එපා කියලා මම එන්නේ නැ හොදද?

මේනකා මිස්: අනේ අනේ නෑවිත්ම ඉදි දැන් අපි විහිලුකරා කියල. මෙයාම ගැණු චරිත ඉල්ලගෙන දැන් අපිට සද්දේ දානවා. අපි ඕවාට බයන් නැ ඉරේෂා.

අම්මා: ඉරේෂා ? කවුද මේනකා?

මේනකා මිස්: ඒතමයි ඔයාගේ දුව රගපාන චරිතේ නම. ඉරේෂා මිස්.

අම්මා: එහෙමද මට එහෙම විස්තර කිවුවේ නැනේ. කොහොමද මේනකා අපේ පුතා හොදට රගපැවද ? අපි මහන්සිවෙලා පුරුදු කරමු.

මේනකා මිස්: ඔව් ඔව් අනේ මම හිතුවට වඩා හොදට කරා. එකනේවෙයි මෙය ලස්සනට ඉදි අනේ සාරී එකට අද mekeup නැතුවත් ලස්සනට හිටියා.

දිනුෂි: ඔව් aunty නවීන් ගොඩක් ලස්සනයි.

මේනකා මිස්: මේ නවීන්ට නට්ටියට අදින්න සාරී එකක් හදාගන්න ඕනි. සාරී හැට්ටයකුයි යටසායකුයි මහගන්න වෙනවා. මාල වළලු අපේ ඒවා ටිකක් දාන්න පුළුවන් කරාබු දෙකක් ගන්න වෙනවා clip type ඒවා. නැත්නම් කන්විදල අපේ ඒවා දාමු විදපු එක ටිකදවසකින් මැකිලයනවනේ. කලු පාට පොඩි හීල් එකකුත්  ඔන එක අපේ දුගේ එකක් හරියයි. උත්සවේ දවසට මෙයාව අන්දන්න අපේ නංගිට එන්නකියන්න කියල මම හිතුවේ.

මිස්ගේ විස්තරේ අහන ඉදල මට පිස්සු වගේ ලොකු ආසාවක් ඇතිවුනේ.

අම්මා : මේනකා මොනවගේ සාරී එකක්ද අපි තෝරගන්නේ.

මේනකා මිස්: මට හිතෙන්නේ තනිපට සාරී එකක් හරියයි.

අම්මා : හ්ම් එහෙනම් අපි රෝස පාට හරි ලා කොළ පාට වගේ එකක් ගමු නේද. එක මම ගන්නම්. පස්සේ මට හරි අදින්න පුළුවන්නේ.

මේනකා මිස්: හා එහෙනම් ඔයා එකක් ගන්නවද.

අම්මා : සාරී හැට්ටෙයි යටසයයි මහන්නේ කොහොමද?

මේනකා මිස්: අපේ නංගි salon එකක් කරනවනේ එයාටම කියල මහගන්න පුළුවන්. අපි හෙටම යමු මහන්න දෙන්න. ඔයාට පුලුවනිනේ හෙට ගිහින් සාරී එකක් ගන්න. මේ නයනි එකක්ම නවීන්ට හරියන padded bra දෙකක් ගන්නවද.

අම්මා : ඔව් මම කොහොමත් ගන්න හිටියේ හෙටම යන්නම්. මේ නවීන් පුතේ අපි කන් දෙක විදිමුද එතකොට මගේ කරාබු දෙකක්ම දාන්න පුලුවන්.

මම: අනේ අම්මේ රිදෙනවනේ අනෙක මට ලැජ්ජයි.

මේනකා මිස්: ලජ්ජා වෙන්නේ මොකටද. අනෙක නවීන් ඔයා හොදට මේ චරිතේ කලොත් ඔයාට තව ඔයවගේ ගැණු චරිත කරන්න පුළුවන්.

මම: බලමුකෝ.

මේනකා මිස්: මේ නයනි නාට්ටිය පුරුදුවෙන අන්තිම දවස් ටිකේ මෙයට සාරී එකක් අන්දලම පුරුදු කරන්න බැලුවේ නැත්නම් එකපාරම සාරී ඇන්දම පුරුදු නැනේ.

අම්මා: එකනම් හොදයි මමත් කියන්න හිටියේ. එකට එහෙනම් මගේ පරණ සාරී එකක් දෙන්නම්.එකට හැට්ටයක් මහගමු නේද?

මේනකා මිස්: නයනි අපි දැන් යන්න ඕනි ඔයා හෙට සාරී එකයි එකට හරියන හැට්ට රෙදි යටසයට රෙදි ගන්න.ඔය ටිකත් අරන් 4 වගේ ස්කොලේ ලගට එනවද අපි කට්ටියම අපේ නංගිගේ සැලෝන් එකට ගිහින් මහන්න දීල එමු.

අම්මා: හා මේනකා මම ඔයාට call එකක් දෙන්නම්කො ස්කොලේ ලගට ඇවිත්.

මේනකා මිසුයි දිනුෂි යන්න ගියා. එදා රෑ ගොඩක් වෙලා මම මගේ අලුත් අත්දැකීම් ගැන කල්පනකරකර නින්දට ගියා.

උදේම මම නැගිටලා වෙනදට වඩා උනන්දුවෙන් ස්කොලේ ගියා. සුපුරුදු පරිදි හවස අපි පුහුණුවීම් කරා. මිස් මට අද ගොඩක් දේවල් කියලා දුන්නා කොහොමද ගැනු ළමයෙක් වාඩිවෙන විදියට ඇවිදින විදිය සහ අනිත් අංග චලනයන්. අද මගේ ඇදුම් මහන්න දෙන්න යන්න ඔනිනිසා කලින් පුහුණුවීම් අවසන් කරා. අපේ අම්මගෙන් මේනකා මිස්ට call එකක් අවා අම්මා ස්කොලේ ලගට අවා කියලා.

මේනකා මිස්: නවීන් මතක්කරලා ඔයාගේ ගවුමයි අනිත් ඇදුම් ටිකයි ගන්න. අපි යමු අම්ම ඇවිත් ඉන්නේ.

අද මිස් එයාලගේ car එකේ ඇවිත් තිබුනේ. අපි හතරදෙනාම මේනකා මිස්ගේ නංගිගේ salon (Salon Kanchana) එකට ගියා.

අපි salon එක ඇතුලටගියා අපි යනකොට හිටියේ මේනකා මිස්ගේ නංගි තව එතන වැඩ කරන ගැනුලමයි දෙන්නයි විතරයි. මිස්ගේ නංගිගේ නම කාංචනා එයා ගොඩක් ලස්සන කෙනෙක්.

කාංචනා: එන්න එන්න ඔයාලා හොද වෙලාවට ආවේ දැන් තමයි වැඩ ඉවරකරේ අපි.

මේනකා මිස් අම්මයි මමයි කාංචනා අක්කට අදුන්නලදුන්නා. නාලකටත් ඇදුම් මහලාතියෙන්නේ කාංචනා අක්කා. මේනකා මිස් ඇදුම් මහන එක ගැන විස්තරයක් කාංචනා අක්කට කිවුවා. අම්මා ගෙනාපු සාරී එකයි අනිත් රෙදි ටිකයි කාංචනා අක්කට දුන්නා. සාරී එකයි හැට්ට රෙදි ගොඩක්ම ලස්සනයි.යට සායට තිබුනේ රෝස පාටම සිල්ක් රෙද්දක්.

කාංචනා: සාරී එක ගොඩක් ලස්සනයි නවීන්ගේ skin එකත් එක්ක හොදට match වෙනවා. නවීන් අපි measurement ගමු එත් ඔහොම ඉගෙන ගන්න බැ. ඔයා ගවුමක් ගෙනාවද ?

මම: ඔව් අක්කේ ස්කොලේ අදින ගවුමක් තියෙනවා.

කාංචනා: හරි එහෙනම් අර room එකට ගිහින් ඇදුම් මාරු කරන එන්න. මේ ඔයා සාරී එකට අදින bra එක අදින්න නැත්නම් jacket එක හරියට තියෙන එකක් නැ .

මම අම්මගෙන් අලුත් padded bra එකකුත් ඉල්ලගෙන ඇදුම් මාරුකරගෙන එන්න ගියා. bra එක ගොඩක්ම ලස්සනයි රෝස පාට එකක්. මම ඉක්මනින් ඇදුම් මාරු කරගෙන අවා. අපේ අම්මා පලවෙනි සැරේට තමයි මම කෙල්ලෙක් වගේ ඉන්නවා දැක්කේ. ඒයා ගොඩක් උනන්දුවෙන් සහ සතුටින් මම දිහා බලාගෙන හිටියා.

අම්මා: ෂා ඔයා ගොඩක් ලස්සනයිනේ පුතේ.

අම්මා එහෙම කියනගමන් මාව තුරුල් කරගත්තා. කාංචනා අක්කයි අනිත් අක්කලා දෙන්නයි මගේ ලස්සන ගැන කතාවුනා.

කාංචනා: නවීන් මම එදාට ඔයා ගොඩක් ලස්සන කරලගන්නම්කො අම්මට ඔයා දුවෙක් කරලා හැමදාම තියාගන්න හිතෙන විදියට.

කාංචනා අක්කා measurement ගත්තා. දවස් දෙකකින් එන්න කිවුවා මහලා තියන්නම් කියලා. මම ඇදුම් මාරුකරන්න යන්නහදනකොට මේනකා මිස් කිවුවා ගවුම ඇදන් යමු car එකේ යන නිසා කාටවත් පෙන්නේ නැ කියලා.

මම:  හපෝ බැ මිස්

අම්මා : ලජ්ජා නොවී යමු පුතේ පොඩි දුරක්නේ තියෙන්නේ.

මමත් අසාවෙන් හිටිය නිසා ගවුම ඇදගෙනම ගෙදර යන්න පිටත් උනා. ටික දුරක් අවට පස්සේ මතක්වුනේ ගෙදර ආච්චි ඉන්නවනේ කියලා.

මම: අම්මේ මේ ගෙදර ආච්චි ඉන්නවනේ එයා දකිනේ දැන්.

අම්මා: ඉතින් මොකද අනේ අපි කියමු විස්තරේ.

මම හිත හදාගත්තා ආච්චි දැක්කට කමක් නැ කියලා. අපේ ගේ ලගටම මිස් අපිව ගෙනත් බැස්සුවා. ගේට්ටුවෙන් ඇතුල්වෙලා මම ඉක්මනිනම් ගේ ඇතුලට යන්න අවේ. වෙනකොටත් ආච්චි පරාබලගෙන ඉන්නවා. මම අම්මට මුවාවෙලා ගේ ඇතුලට යන්න බැලුවේ. ආච්චි පුදුමෙන් වගේ බලන් ඉන්නවා.

ආච්චි: කෝ පුතා අවේ නැද්ද?

අම්මා හිනාවුන

අම්මා: මේ ඉන්නේ

අම්මා මාව පෙන්නුවා.

ආච්චි: මේ මොකද මේ කොල්ලට ගවුම් අන්දලා. මම හිතුවේ කෙල්ලෙක් කියලා.

අම්මා: නැ අම්මේ මෙයා ස්කොලේ නාට්ටියකට ඉන්නවා. එකට අද ඇදුම් මහන්න දෙන්න ගියා.

ආච්චි මගේ ලගට ඇවිත් හොදට බැලුවා.

ආච්චි: අනේ මන්දන්නේ නැ කොල්ලාට ඕවා කරලා කෙල්ලෙක් වෙන්න ආසහිතුනොත් අපි දන්නේ නැ.

මම ටිකක් වෙලා ගවුම ඇදගෙනම හිටියා. පස්සේ අම්මා ඇවිත් කිවුවා ඇදුම් මාරුකරගන්න කියලා.

මම: අම්මේ මම තව ටිකක් මේක ඇදන් ඉන්නද?

අම්මා: එපා පුතේ දැන් ඕක ගලවලා ඇග සෝදන් එන්න්න. ආසනම් මගේ ගවුමක් දෙන්නම් එක ඇදගෙන ඉන්න එත් ආච්චිට පෙන්න යන්න එපා හොදද.

මම ඉකමනින් ගිහින් ඇග සෝදාගෙන අවා. මම කාමරේට එනකොට අම්මා එයාගේ ලස්සන ගවුමකුයි සුදු යටසායකුයි bra එකකුයි තියලා තිබුනා.



මම ගවුමත් ඇදගෙන කාමරේට වෙලා හිටියා. අම්මා කෑම එකත් බෙදලා කමරෙටම ගෙනත් දුන්නා. කාලා ඉවරවෙලා කුස්සියට යන්න හැදුවේ පිගන තියන්න හොදට බැලුවා ආච්චි ඉන්නවද කියලා. ආච්චි නිදාගන්න ගිහින් වගේ මම කුස්සියට ගිහින් පිගාන සෝදලා වතුරත් බිලා අපහු කාමරේට අතුල්වෙනවත් එක්කම මම දැක්කා ආච්චි එනවා එයා මාව යන්තම් දැක්කා. එක්කම අම්මත් කුස්සියේ ඉදලා අවා.

ආච්චි: කවුද ගැනු කෙනෙක් ඔයාලගේ කාමරේ පැත්තට ගිය වගේ දැක්කා.

අම්මා මුකුත් නොකිය කාමරේට අවා.

අම්මා: මම කිවුවනේ ඔයාට පෙන්න යන්න එපා කියලා.

මම ගවුම ඇදගෙනම නිදාගත්තා.

……………………………………………………………………….
හතරවන කොටසින් නැවත හමුවෙමු.


No comments:

Post a Comment