Tuesday, July 23, 2019

ඉරේෂා පළමු කොටස




ඉරේෂා

පළමු කොටස......

මගේ නම නවීන්, වයස අවුරුදු 16 යි. මගේ පාසල මිශ් පාසලක්. මමයි අම්මයි තාත්තයි ජීවත්වුනේ ගම්බද පරිසරයක. අපේ අම්මගේ හොදම යාලුව උනේ අපේ පාසලේ නාට්ටිය උගන්වන මේනකා මිස්. අපේ ගෙවල් ආසන්නයේම තමයි මේනකා මිස්ස්ලගේ ගෙදරත් තිබුනේ. මේනකා මිස්ලගේ ගෙදර අය එක්ක අපි ගොඩක් ලගින් ඇසුරු කරා. මිස්ට හිටිය දිනුෂි කියල දුවෙක් එයත්  මගේ වයසෙමයි අපි දෙන්නත් උස මතින් එක සමානයි. එයා තමයි මගේ හොදම යාළුවා. . මට ඇත්තටම ගොඩක් යාලුවෝ හිටියේ නැහැ මොකද මම ගොඩක් වෙලාවට ගෙදරටම වෙලා තමයි හිටියේ. අපේ තාත්තා රැකියාව කරේ කොළබ ඒකනිසා තාත්ත ගෙදර එන්නේ සතිඅන්තයේ විතරයි අනිත් දවස්වලට අම්මයි මමයි ආච්චි විතරයි ගෙදර ඉන්නේ.

මම මගේ සම වයසේ පිරිමිලමයිට වඩා ටිකක් වෙනස් විදියට තමයි ජීවත්වුණේ එකියනේ එයාලවගේ පිරිමි ගතිගුණ මගෙන් දකින්න තිබුනේ නැහැ. මම පාසලේදිත් වැඩියෙන්ම ඇසුරු කරේ ගැහැනුලමයින් එක්ක. මට හිටියා නාලක කියල යාලුවෙක් එයාටනම් ගොඩක් තිබුනේ ගැණු හැසිරීම්නාලකගේ කටහඩත් ටිකක් ගනුලමයෙක්ගේ වගේ. පාසලේදී මමයි දිනුෂියි නාලකයි තුන්දෙනාම ගොඩක් වෙලාවට ඉන්නේ එකටමයි.

ඔන්න දවසක් අපේ පන්තිබාර මිස් කිවුවා පාසලේ තියෙන වැඩසටහනකට අපේ  පන්තියෙන් නාට්ට්යක් කරන්න ඕනි කියල. ගිය අවුරුද්දේ අවසාන උත්සවයට අපේ පන්තියෙන් ඉදිරිපත් කර පුංචි පාසල කියලා නට්ටියකට ප්රථම ඉස්ථානය ලබුනනිසා පතියේ ළමයි හැමදෙනාම කිවුවේ නාට්ටිය කරමු කියලා.
මිස් කිවුවා " එකනම් හොද අදහසක් එත් ළමයි එකේ ගුරුතුමිගේ චරිතේ කරපු ඉරේෂා දුව අපේ ඉස්කෝලෙන් අස්වුනනේ ඉතින් දැන් එකට අලුත් කෙනෙක් ගන්නවෙනවනේ. දැන් අපේ පන්තියේ ඉන්නේ ගැනුලමයි දෙන්නයි එකෙන් දිනුෂි දුව කොහොමත් මුලිනුත් හිටියනේ කාංචනා දුවට මේ දවස්වල විවාද තරග නිසා මේකට එන්න වෙන්නේනැ. ඉතින් අපිට මේ නාට්ටිය කරන්න ගැනු ළමයෙක් මදිනේ එකයි ගැටලුව." ඊටපස්සේ පන්තියේ ළමයින් එකපාරටම කිවුව නාලකව ගැනුලමයෙක්ට අන්දලා නට්ටියට ගමු කියල.එත් එක්කම පන්තියේ හැමෝම හොදටම හිනා උනා.

මිස්: මේ ළමයි හිනා නවෙයි එකත් හොද අදහසක් අපි එහෙම කරමුද ? මම මේනකා මිස්ගෙන් අහල ඔයාලට විස්තරේ කියන්නම්කො. ළමයි දැන් මම යනවා ටිකකින් ඔයාලට විස්තරේ කියන්නම්.

පන්තියෙන් මිස් ගියාවිතරයි ළමයි හැමෝම නාලකට විහිලුකරා. නාලකන්ම් වැඩේට අසයි වගේ එත් එයා මුකුත් කිවුවෙනැහැ. මම නාලකට කිවුව ඔයානම් ලස්සනට ඉදි ගනු ළමයෙක්ට ඇන්දුවහම කියලා. එය මට එකක් ගහලා හිනා උනා

ඔන්න පැයකට විතර පස්සේ පන්තිබාර මිසුයි මේනකා මිසුයි පන්තියට අවා.

පන්තිබාර මිස්: ළමයි අපි දෙන්නා ඔයාලගේ නාට්ටියගැන කතාකරා. මේනකා මිස් ඔයාලට දැන් විස්තරේ කියයි. නාට්ටියේ වැඩේ දැන් ඉදල මේනකා මිස් එක කරන්න යන්න මමයි විදුහල්පතිතුමයි ඔයාලට සම්පුර්ණයෙන් සහය දෙනවා.

මේනකා මිස් : හොදයි ළමයිනේ අපි තිරනේ කර පුංචි ස්කොලේ නාට්ටිය කරන්න එකට අඩු ගැනුලාමය වෙනුවට පිරිමිලමයෙක්  ගැනුලමයෙක් කරලා ගන්න තමයි අපි තීරණේ කරේ.
 
එතකොටම ළමයි ඇහුවා  නාලකද කෙල්ල කියලා.

මේනකා මිස් : හ්ම් එහෙම  නෙවයි අපි දෙන්නා කතාවෙලා වෙනකෙනෙක් තේරුවා. කෙනනම් මේකට හොදට ගැලපෙනවා එයා හැබැයි මීට කලින් නට්ටියවල ඉදලනැ.

පන්තියේ ළමයි හැමෝටම මේක ලොකු පුදුමයක්. කට්ටිය එක එක්කෙනාගේ මුණු දිහා බලාගෙන පුදුමයෙන් හිටියා. එක ළමයෙක් ඇහුවා කවුද කියලා.

මේනකා මිස් : හ්ම් තමයි නවීන් පුතා. පුතා කැමති නේද ?

වචනටික ඇහුනාම මට එකපාරටම ගොඩක් පුදුමහිතුනා ඒවගේම ලොකු ලැජ්ජාවක් හිතුනා. පන්තියේ ළමයි විහිලු කරන්න පටන්ගත්තා

මේනකා මිස් : මේ මේ කට්ටියම සද්දේ නතරකරන්න. නවීන් පුතා එනවා නේද මම උදවුකරන්නම්
මම එකපාරටම නැගිටලා කිවුව " අනේ මටනම් බැ මිස්. මම ආසත්නැ අනෙක මට ඔවා තේරෙන්නෙත් නැ. මට එන්නබැ නාලක ගන්න." 

මේනකා මිස්ට එකට පොඩ්ඩක් තරහගිය.

මේනකා මිස් : මේ නවීන් මේක පන්තියේ වැඩක් ඔයාගැන අපි කනගාටුවෙනවා. ඔයාට බැරිනම් අපි නාලක පුතා අරන් නාට්ටිය කරනවා. නාලක පුතා කැමතිනේ?

නාලක ලජ්ජාවෙන් වගේ මිස්ගේ යෝජනාවට කැමැත්ත පලකරා.

මේනකා මිස් : හොදයි ළමයිනේ අපි හෙට ඉදලම පුහුණුවීම් පටන්ගමු. ඉස්කෝලේ ඉවරවුනාට පස්සේ පැය 3ක් වගේ පුහුණුවීම් කරමු මොකද උත්සවයට වැඩි දවසක් නැනේ. හෙට එනකොට ගෙදර අයට කියල එන්න.
මිස්ලා දෙන්නා පන්තියෙන් ගියාට පස්සේ හැමෝම කතාවුනේ නවීන් ගැන එය ගැනුලමයෙක්ට රගපාන්න යන එක ගැන. සමහර පිරිමි ළමයි එයට විහිළුකරා. එත් එයට එක ගානක් නැ. ඒයා සතුටින් හිටියේ.

දිනුෂි : මේ නවීන් අපරාදේ අනේ ඔයා බැ කිවුවේ.මම ඔයාට උදවු කරනවනෙ ඔයා නට්ටියට ගියානම්.

මම: පිස්සුද ඔයාට මම අසනැ ගනුන්ට අදින්න.

එහෙම කිවුවහම දිනුෂි පොඩි හිනාවක්දාල යන්නගියා.

ඉස්කෝලේ ඉවරවෙලා ගෙදරගිහින් දවල්ටත් කාලා පොඩ්ඩක් නිදියන්න හිතාගෙන කාමරේට ගියා. ඇදෙ ඉන්නගමන් අද උනදේ ගැන හිතුවා. ඇතටම පොඩිකාලේ ඉදලම මට ලොකු ආසාවක් තිබුනා ගැණුළමයෙක් වගේ අදින්න. මට ඇත්තටම හිතුනා මම කරේ මෝඩ වැඩක් කියලා. කෙල්ලෙක්ට අදින්න තිබුණු අවස්තාව නැතිකරගත්තා කියලා. එත් පන්තියේ ළමයින් විහිලු කරනවට බයනිසා තමයි මම බැ කිවුවේ. මගේ හිතකියනවා කොහොමහරි නට්ටියට යන්න කියලා. අන්තිමට මම තිරනේ කරා හෙට උදේට මේනකා මිස්ට කියන්න.

ඔන්න උදේ මම ඉස්කෝලේ යනකොට මට ඉස්සරහින් මේනකා මිසුත් යනවා. මම හොදට බැලුවා ලගපහත කවුරුත් ඉන්නවද කියලාකවුරුත් පෙන්න හිටියේ නැතිනිසා මම ඉක්මටනට මේනකා මිස් කිට්ටුවට ගිය. දැන් මගේ හදවත ඉක්මනින් ගැහෙනවා හොදටම බයයි.
 
මම: Good morning මිස්

මේනකා මිස් : .. Good morning පුතා.

මම: මිස් අද දිනුෂි නැද්ද ?

මේනකා මිස් : අද ටිකක් උදේම ගියා

දැන් මට මගේ හිතේ තියෙනදේ මිස්ට කියන්න ඕනි එත් හිත බයයි. ඕන එකක් වුනාවේ කියල මම තීරණේ කරා මිස්ගෙන් අහන්න.

මම: මිස් ඊයේ වුනදෙට මත් එක්ක තරහද?

මේනකා මිස් : හ්ම් වෙලාවෙනම් පොඩ්ඩක් තරහගියා එත් දැන් එහෙම නැ.    
       
මම: මිස්.... මම අසයි නට්ටියට එන්න්න.

මේනකා මිස් : දැන් ඉතින් ඔක්කොම චරිත ටික හරිනේ ඕනිනම් ඔයාට පන්තියේ ළමයෙක්ගේ චරිතේ කරන්න දෙන්නම්.

මම: නැ .... මිස්  .. එහෙම එපා ..

මේනකා මිස් : එහෙනම් මොකක්ද කරන්නේ

මම: නැ .... මිස්  .. මම ... මම කැමති ඊයේ මිස් දුන්න එකම කරන්න.

මිස් එකපාරම නතරවෙලා " මොකක්ද ගැණුළමයාගේ චරිතෙද ? ඔයා බැ කිවුනනේ ඊයේ.

මම: ඔව් මිස් ඒකතමයි

මිස් හිනාවෙන්න පටන්ගත්තා "අනේ අනේ හොරා .. ඔයා ආසයිනේ .. අපිට මුලින් හිතුනනිසා තමයි ඔයාව තේරුවේ. ඔයාට ලස්සන සාරි එකක් අන්දලා ගත්තාම ලස්සනයි කියලා මටහිතුනා.

මට ගොඩක් ලජ්ජහිතුනා. මම බිම බලාගෙනම හිටියා.

මේනකා මිස් : හරි හරි මම මිස් එක්කත් කතාකරලා ඔයාට කියන්නම්කො.

මම ගොඩක් සතුටු උනා හිතේ තිබුනදේ කිවුවනිසා.

මට හැමතිස්සෙම මතක්වෙන්නේ උදේ සිදුවීම. දිනුෂි ඇහුවා මොකද අද ඔයා අමුතු කියලා. එයටත් මගේ වෙනස පේන්න ඇති. හවස ඉස්කෝලේ ඉවරවෙන්න කලින් මේනකා මිස් පන්තියට ඇවිත් නාට්ටියට ඉන්න අය නැටුම් කාමරේට යන්න කිවුව. එක්කම මටත් එන්න කියලා කිවුවා. මට කතාකරපු එකට කට්ටියටම පුදුමයක් දිනුෂි අහනවා ඇයි ඔයාටත් කතාකරේ කියලා මම සද්ද නැතුව මිස්ගේ පිටිපස්සෙන්ම නැටුම කාමරේට ගියා. මිස් කිවුවා මම අද ටිකක් පරක්කු වෙනවා කියලා අපේ අම්මට කියන්නම් කියලා.

මේනකා මිස්: දිනුෂි ඔයා පුරුදු විදියට ඔයාගේ චරිතේ කරන්න. නාලක පුතා පන්තියේ ඉන්න ගැනුලමයෙක්ගේ චරිතේ කරන්නඅනිත් පස්දෙනා සුපුරුදු චරිත ටිකම කරමු.

මිස් එහෙම කිවුවහම කට්ටිය පුදුමවුනා  ප්රදාන චරිතේ එකියන්නේ පන්තියේ මිස්ගේ චරිතේ කරන්නේ කවුද කියලා. නාලකත් පුදුම වෙලා බලන් ඉන්නවා.

නාලක: මිස් එතකොට ප්රදාන චරිතේ කරන්නේ කවුද ?

මේනකා මිස්: ඇයි නවීන් කියලා ලස්සන කෙල්ලෙක්  ඉන්නේ මිස්ගේ චරිතේ කරන්න.

දිනුෂි : මොනවා ... නවීන් බැ කිවුවනේ දැන් එයා එනවද ?

මේනකා මිස්: ඔව් නවීන් පුතා කැමතිවුනා.

දිනුෂි : මෙයාට එහෙනම් කෙල්ලෙක් වෙන්න ආසහිතිලාවගේ. හොදයි හොදයි අපි උදවු කරන්නම්කෝ.
මට එවෙලාවේ දැනුනේ ලැජ්ජාව මුසු වුන ලොකු සතුටක්.

මේනකා මිස්: නවීන් පුතා ඔයාට තමයි ටිකක් අමරුවෙන්නේ මොකද ඔයා මුල ඉදලම මේ චරිතේ පුරුදුවෙන්න වෙනවනේ. අනික ඔයාට කරන්නවෙන්නේ ගැනුලමයෙක්ගේ චරිතයක් නිසා ගොඩක් පුරුදුවෙන්න වෙනවා. ඔයා බයවෙන්න එපා අපි හැමෝම ඔයාට උපරිමෙන් උදව් කරනවා. එක නෙවෙයි හෙට ඉදල නවීන් පුතයි නාලක පුතයි දෙන්නම සුදු ගවුම් දෙකක් අරන් එන්න නට්ටියට පුරුදුවෙන වෙලාවට ගවුම් ඇදල පුරුදු වෙමු. එක ඔයාලට චරිතේ හොදට කරන්න උදව් වේවි.

මම : කොහෙන්ද මිස් අපි ගවුම් හොයන්නේ.

මේනකා මිස්: හ්ම් එකත් ඇත්ත නවීන්ට අක්කලා නංගිලා නැනේ. නාලක පුතාටනම් අක්කා කෙනෙක් ඉන්නවනේ එයාගෙන් හරියන ගවුමක් ඉල්ලගන්න. නවීන් ඔයාට අපේ දිනුශිගේ ගවුමක් දෙන්නම්. හරි එහෙනම් අපි අද ටිකක් පුරුදු වෙලා යමු.

අපි පැය තුනක් විතර පුහුණුවීම් කටයුතු කරලා යන්න පිටත් උනා. ගෙදර යන අතරේ දිනුෂි මමයි නාට්ටිය ගැන කතාකරකරම ගියා.
……………………………………………………………………………………..
දෙවන කොටසින් නැවත හමුවෙමු.


No comments:

Post a Comment